විදුහල්පති පණිවිඩය

උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් පොලොන්නරුව අධ්‍යාපන කලාපයෙහි පිහිටි පො/අලුත්වැව මහා විද්‍යාලය ප්‍රදේශයේ පැරණිතම පාසලකි. නව තාක්ෂණයේ දියුණුවත් සමග පාසල පිළිබද තොරතුරු ලෝකයට රැගෙන යාම සදහා වෙබ් අඩවියකින් ලබාගත හැකි සේවාව ඉතා විශාලය. එම අවශ්‍යතාව ඉටු කිරීම සදහා පාසලේ තොරතුරු හා සංනිවේදන තාකෂණ ඒකකය හා වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම විසින් දරා ඇති උත්සාහය ඉතා අගය කොට සලකමි. වෙබ් අඩවිය නිර්මාණය කිරීමට දායක වූ සියලු දෙනා හට මාගේ ස්තුතිය පිරිනමමි.
විදුහල්පති,
අලුත් වැව මහා විද්‍යාලය